නවක සිසුන් බඳවාගැනීම - 2012
ශ්‍රී ලංකවේ පුරෝගාමි සිංහල මාධ්‍යය ෂරීආ උසස් අධ්‍යයාපන ආයතනය වන තන්වීර් ඇකඩමිය වෙනුවෙන් ඔබව ඇමතීමට ලැබීම පිළිබඳව ප්‍රථමයෙන් අල්ලාහ් වෙත ප්‍රශංසාව පුදකරමු.
ශ්‍රී ලාංකීය මුස්ලිම් ඉතිහාසයේ දැඩි අවශ්‍යතාවයක් ලෙස පැවති ඉස්ලාමිය ෂරීආවේ නිසි දැනුම ලත් සිංහල මාධ්‍යය ආලිම්වරුන් බිහි කිරීමේ ගැටළුවට ස්ථීර පිළියමක් ලෙස, අල්ලාහ්ගේ පරම දයාවෙන්, ඉකුත් 2009 වසර මැයි මස තන්වීර් ඇකඩමිය පිහිටුවීමට හැකිවිය, අල්හම්දුලිල්ලාහ්. සිංහල භාෂා ප්‍රවීණත්වය ලැබූ ඉස්ලාමීය විද්වතුන් (ආලිම්වරු) බිහිකිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
දැඩි සමාජ අවශ්‍යයතාවයක් වන සිංහල මාධ්‍යයෙන් නිවැරදිව ඉස්ලාමය නිරූපණය කළ හැකි ආලිම්වරු මෙම කලායතනයෙන් බිහිවේ. පස් අවුරුදු ෂරීආ පාඨමාලාවක් වන මෙහි විශේෂත්වය වන්නේ, මෙම සිසුන් හට අල්-කුර්ආන්, අල්-හදීස්, ෆික්හ්, අරාබි භාෂාව යන ෂරීආ විෂයන් ඇතුලූව, සිංහල මාධ්‍යයෙන් අ.පො.ස උසස් පෙළ හා ආලිම්වරුන්ට අවශ්‍ය වෘත්තීය පාඨමාලාවන් හැදෑරීමට සැලස්වීමයි.
පාඨමාලාව අවසානයේදී ඔවුන් තන්වීර් ෂරිආ සහතිකය මෙන්ම රජයේ අල්-ආලිම් සහතිකය හා අනෙකුත් වෘත්තීමය සුදුසුකම් සමග නූතන ලෝකයේ අභියෝගවලට මුහුණ දීමට හැකි ආදර්ශවත් ඉස්ලාමීය විද්වතුන් ලෙස බිහි වේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ශිෂ්‍යයින් 40 දෙනෙකු දැනට මෙම පාඨමාලාව හදාරමින් සිටිති.
ඉන්ෂා අල්ලාහ්, එළඹෙන මැයි මස මෙහි හතරවෙනි කණ්ඩායමට නවක සිසුන් 30 දෙනෙකු බඳවාගැනීමට අපේක්‍ෂා කරමු. මේ සඳහා 2010 හෝ 2011 වසරවල සිංහල මාධ්‍යයෙන් අ.පො.ස (සා/පෙළ) විභාගයට පෙනී සිටි ශිෂ්‍යයින්ට අයදුම් කළ හැක. මෙය සඳහා සම්මුඛ පරීක්ෂණය අප්‍රේල් මස 29 වෙනි දින ඇකඩමියේ පැවැත්වේ.
වැඩි විස්තර 077-3763830/ 033-2297371 යන අංක අමතා දැන ගැනීමට හැක.
අයදුම් පත්‍රය Application Form
|